Monday, July 21, 2014


අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම දිනය සැමරීම සදහා ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදු කරනු ලබන කාර්යභාරය

1. සංඝයා වහන්සේලා 150 ක් විෂයෙහි පිරිනමනු ලබනු දානය 70 නමක් විෂයෙහි පිරිනමනු ලබන පිරිකර සදහා අවශ්‍ය පිරිවැය ලබා දීම.        
2 බෞද්ධ නාලිකාව ඔස්සේ විකාශනය කරන ධර්මදේශනාමය වැඩසටහන මාවරැල්ලේ භද්දිය ස්වාමීන් වහන්සේ විසින් සැප්තැම්බර් මස 12 දින විද්‍යාලයීය ප‍්‍රධාන ශාලාවේ දී පැවැත්වීම.
3. දම්පල් වැකි විදුහල් භූමිය තුළ ප‍්‍රදර්ශනය කිරීම පාසල් දරුවන් සදහා වඩාත් යෝග්‍ය වූ වැකි ඇතුළුව දම්පල් වැකි ප‍්‍රදර්ශනය කිරීම අගෝස්තු මස මුල් සතියේ දී ආරම්භ කිරීම.
4. විද්‍යාලයේ ඉදිරිපස භූමිය සුදුසු ආකාරයට සංවර්ධනය කර එය ධර්මපාල අනුස්මරණ උද්‍යානය ලෙස නම් කිරීම විදුහල්පතිතුමාගේ අනුමැතියෙන් ආරම්භ කළ හැක.
5. බස්නාහිර පළාතේ ධර්මපාලතුමා නමින් ඇති පාසල් අතර පද්‍ය, ගද්‍ය සහ චිත‍්‍ර තරග පවත්වා ජයග‍්‍රාහකයින් සදහා ත්‍යාග ලබා දීම. විදුහල්පතිතුමා දැනුවත් කර අවශ්‍ය අනෙකුත් අනුමැතියන් ලබාගෙන ඉදිරි වැඩ කටයුතු කළ හැක.
6. පාසලේ පුස්තකාලය තුළ ධර්මපාලතුමා පිළිබද රචිත ග‍්‍රන්ථ සහ ලිපි ඇතුලත් අල්මාරියක් සකස් කිරීම විදුහල්පතිතුමාගේ අනුමැතිය සහ උපදෙස් මත මෙය ආරම්භ කිරීම.   
7. ධර්මපාල 150 ජන්ම දින සමරු වැඩ සටහන වෙනුවෙන් ධර්මපාලතුමා පිළිබද වෙබ් පිටුවක් නිර්මාණය කිරීම www.dharmapalappa.lk වෙබ් අඩවිය තුළ ධර්මපාලතුමා පිළිබද තොරතුරු ඇතුලත් වෙබ් පිටුවක් නිර්මාණය කිරීම.
8. ජාතික මට්ටමෙන් කෙරෙන වැඩසටහනට දායක වීම පාසලට අත්‍යාවශ්‍යව ඇති ශ‍්‍රවණාගාරය ඉදිකිරීම සදහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීම අරමුණු කර ගනිමින් වැඩ සටහනට දායක වීම.
ඉහත කාර්යයන්ට අමතරව මුල්පෙළ පාලියෝ කණ්ඩායම සංවිධානය කරන ලේ දන් දීමේ වැඩසටහන (සැප්තැම්බර් 06) අරලිය කණ්ඩායම සංවිධානය කරන සෞඛ්‍ය ක`දවුර  (සැප්තැම්බර් 14) පැවැත්වේ.
වර්තමාන ගුරු මණ්ඩලය වෙත සමරු තිළිණ පිරිනැමීමට අරුණලූ දශක කණ්ඩායමෙන් යෝජනා වී ඇත.

ලේකම් - ආදි ශිෂ්‍ය සංගමය

No comments:

Post a Comment